මේ දිනවල බොහෝ දෙනෙක් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින වෛරස රෝග තත්ත්වය සමාජයේ පැතිර යාම හේතුවෙන් පීඩා විඳිනවා.
මේ පිළිබඳව අදහස් පළකළ කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ චන්න පෙරේරා මහතා පවසා සිටියේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවදානම් කාණ්ඩ යටතේ සිටින පුද්ගලයන් වඩා සැලකිලිමත් විය යුතු බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ චන්න පෙරේරා මහතා පවසා සිටියේ වර්ෂයේ මැද භාගයේදී සහ අවසාන භාගයේදී රෝගීන්ගේ වැඩි වීමක් තිබෙන බවත් තද හිසරදය, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යාම වැනි තත්ත්ව ඇතිවිය හැකි බවත් පැරසිටමෝල් දුන්නත් උණ සමනය නොවෙන්න පුළුවන්. මෙම තත්ත්වය දින 2 - 3ක් අතර පවතින බවයි.
තවද මෙයට ලක්විය හැකි අවදානම් කාණ්ඩ ලෙස අවුරුදු 1කට වඩා කුඩා දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් , ගර්භණී කාන්තාවන් , නිධන්ගත රෝග ඇති අය බවත් ඔහු සඳහන් කර සිටියා.



