වසර 07ක් කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව පළාත් සභා සහ පළාත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසනවා.

ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා කඩිනමින් පාර්ලිමේන්තුවේදී විසදා ගැනීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

හම්බන්තොට ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පළාත් සභා සහ පළාත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා මෙම අදහස් පළ කළා.