මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ වන මනෝජා මධුවන්ති මහත්මිය අද දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඇය මියදෙනවිට 42 වියෙහි පසුවූවාය.

මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ මනෝජා මහත්මිය දෙදරු මවකි.

දේහය අවසන් ගෞරව සඳහා හෙට උදෑසනට සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

දේහය පිලිබඳ අවසන් කටයුතු සඳුදා දිනයේ සිදුකිරීම නියමිත බවයි වාර්තා වන්නේ.