ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහනගර සභාවේ මංගල අයවැය පරාජයට පත්වීම සමග මේ වන විට සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබෙනවා.

කොළඹ මහනගර සභාවේ 2026 වසර සඳහා වන අයවැයට අදාළව ඊයේ රාත්‍රියේ පැවති ඡන්ද විමසීමේදී එය ඡන්ද තුනකින් පරාජයට පත් වුණා.

අයවැයට විරුද්ධව ඡන්ද 60ක් ලැබී තිබුණු අතර පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 57ක් පමණයි.

මෙම තත්ත්වය මත කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරය හෝ එහි බලය ජාතික ජන බලවේගයට අහිමි වෙයිද යන්න ඇතැමුන් විමසන කාරණයක්.

කෙසේවෙතත් පළාත් පාලන ආයතනයක අයවැය එක්වරක් පරාජය වූ පමණින් එවැනි ගැටලුවක් මතු නොවන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා.