ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ යොවුන් තුන් ඉරියව් ක්රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාගේ මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 54ක්. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔහු පානදුර රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී මියගොස් තිබුණා. සුරංග වෙල්ලාලගේ මහතා මෙලෙස අභාවප්රාප්ත වී ඇත්තේ ඔහුගේ පුත්රයා වන දුනිත් වෙල්ලාලගේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ රාත්රියේ ආසියානු කුසලාන ක්රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟයට ක්රීඩා කරමින් සිටින අතරතුරයි. තරඟය අවසානයේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමණාකරුවන් විසින් සිය පියාගේ අභාවය පිළිබඳව දුනිත් වෙල්ලාලගේට දැනුම්දී තිබෙනවා. ආසියානු කුසලාන ක්රිකට් තරඟාවලියේ තවත් තරඟ තුනක් ක්රීඩා කිරීමට ශ්රී ලංකාවට සිදුවනවා. එම තරඟ සඳහා දුනිත් වෙල්ලාලගේ සහභාගි වනවාදැයි මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ. ආසියානු කුසලානයේ ශ්රී ලංකාව සහභාගී වන සුපිරි වටයේ තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.
Published