Published
අම්පිටිය, පට්ටියකැලේ වත්ත ප්‍රදේශයේදී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 100ක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මහනුවර පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදීයි.
වයස අවුරුදු 29 ක් වූ සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ෆේස්බුක් සාද හා විවිධ සාද සංවිධාන කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ. එමෙන්ම ඔහුට අයත් සංගීත කණ්ඩායමක් යොදා ගනිමින් එම සාද පවත්වන බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.




