වී සහ සහල් මෙරට සමාජය මෙන්ම දේශපාලනයත් වරින් වර උණුසුම් වන මාතෘකාවක්.

වී මිලදී ගන්නා සමයේ වී සඳහා ලබා දී ඇති සහතික මිල ප්‍රමාණවත් නොවන බවට විටෙක චෝදනා එල්ල වනවා.

පසුව සහල් මිල ඉහළ ගොස් ඇතිබවටයි චෝදනා නැඟෙන්නේ.

දැන් උදා වී ඇත්තේද යළිත් මෙරට වී ගොවිතැන පිළිබඳ කතා කරන සමයයි.

ඒ, වී මිලදී ගැනීමේ කටයුතු යළි ආරම්භ වීමත් සමගයි.

වී මිලදී ගැනීමට රජයේ ඇති සූදානම ප්‍රමාණවත්දැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා.

මේ, වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා.

මෙවර වී මිලදී ගන්නා මිල ප්‍රමාණවත්ද?

වී මිලදී ගැනීම සඳහා රජය වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බවට මේ වන විට නැඟෙන තවත් චෝදනාවක්.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළා.