Published
භික්ෂූන් වහන්සේ ඉදිරියේ දී විදේශගත වනවා නම්, උන් වහන්සේගේ ගුරු හාමුදුරුවෝ, ප්‍රදේශීය නායක හාමුදුරුවෝ සහ එම නිකායේ මහනායක හාමුදුරුවන්ගේ නිර්දේශය ලබාගැනීම මින් ඉදිරියට අනිවාර්ය කර ඇතැයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මෙම නීතිය මීට පෙර පනවා තිබුණත්, පසුගිය කාලයේ එය ක්‍රියාත්මක නොවූ බවයි.
මේ අතර විහාර දේවාලගම් ආඥාපනත කඩිනමින් සංශෝධනය කිරීම සඳහා අවදානය යොමුවූ බවද බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසුවා.




