Published
මිහින්තලය, මහකනදරාව වැව් බැම්මේ තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 04ක් හා එම පතරොම් 25ක් සොයාගෙන තිබෙනවා.
එම වැව් බැම්මේ දමාගොස් තිබූ පාර්සලයක තිබී ඒවා සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
ඒ, සැකසහිත පාර්සලයක් ඇති බවට මිහින්තලය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි.
අදාළ පාර්සලය එම ස්ථානයට ගෙනවිත් තැබු සැකකරුවන් සොයා මිහින්තලය පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




