Published
නොච්චියාගම, කටුපත්වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ වයස අවුරුදු 58 ක් වූ එම ප්රදේශයේම පදිංචි පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
කටුපත්වැවේ දිය නාමින් සිටියදී ඔහු දියේ ගිලී තිබෙනවා.
ඒ පිළිබද නොච්චියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වහා ක්රියාත්මක වු පොලිස් නිලධාරීන් එම පුද්ගලයා ගොඩට ගෙන නොච්චියාගම රෝහලට ඇතුළත් කෙරුණා.
කෙසේවෙතත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.




