රත්නපුර, හකපුව පාර ප්‍රදේශයේදී වේගඟේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙක්.

ඔවුන් වැඩිදුර විමර්ශන සදහා රත්නපුර පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පැවසුවේ.