පොදු මගී ප්‍රවාහනය සිදු කරන රියදුරන්ට විශේෂ රියදුරු බලපත්‍රයක් ලබා දීමේ කටයුතු විධිමත් කරන බව ප්‍රවාහන අමත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මගී ප්‍රවාහන රියදුරන් දෙසැම්බර් 31 වන විට මෙම බලපත්‍රය ලබා ගැනිම අත්‍යවශ්‍ය වන බවයි.
මේ අතර ඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයින් 16 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිදුවු බිහිසුණු අනතුර සම්බන්ධ සම්පූර්ණ වාර්තාව අමාත්‍ය බිමල් රතනායක මහතා වෙත පෙරේදා භාර දුන්නා.
එහිදි අනාවරණ වුණේ අනතුරට පත්වූ බස් රථය ධාවනය කළ රියදුරා එය පදවා ඇත්තේ ප්‍රථම වරට බවයි.
අධික බෑවුම් සහ වංගු සහිත අවධානම්කාරී මාර්ගයක, මාර්ගය හුරු නැති රියදුරෙකු ලෙස පිරිසක් රැගෙන බසය ධාවනය කිරීම අනතුරට හේතුව ලෙසද අදාළ වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව අසලදී තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ සාමාජිකයින් පිරිසක් විනෝද චාරිකාවක යමින් සිටි මෙම බස් රථය පසුගිය 04 වනදා රාත්‍රීයේ ප්‍රපාතයකට පෙරළිමෙන් අනතුර සිදුවුණා.




