ඊශ්‍රායලයේ ආපනශාලා අංශයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින්ට රැකියා ගිවිසුම් මේ දිනවල ලැබෙමින් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලාංකිකයින් 600කට අධික පිරිසක් සඳහා රැකියා ගිවිසුම් මේ වන විට ලැබී ඇති බවයි එම කාර්යංශය පැවසුවේ.

ජූලි මස 14 වන දින දක්වා මෙම රැකියාවලට අදාළ ගිවිසුම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රය තුළදී අත්සන් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව ඔවුන් දින තුනක පෙර විගමණික පුහුණුව සඳහා යොමුකර, එය අවසන්වීමෙන් පසු කඩිනමින් ඔවුන් ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත් කර හැරීමට කටයුතු යොදා ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවා.

ඊශ්‍රායලයේ ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියා සදහා පිටත්ව ගිය පළමු කණ්ඩායම ලෙස රැකියාලාභීන් 90 දෙනෙකු ඉකුත් 06 හා 07 යන දෙදින ඊශ්‍රායලය බලා පිටත්ව ගිය බවයි එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.