සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස් වී ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට තරඟවැදීමේ සූදානමින් පසුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ තමන්ද ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟවැදීමට සූදානම් වන බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.