අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද අඩු කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගය පවසනවා.

එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ එලෙස තීරු බද්ද අඩු කර නොගතහොත් ඇඟලුම් මෙන්ම එරටට අපනයනය කෙරෙන අනෙකුත් නිෂ්පාදනවලට බලපෑම් එල්ල වන බවයි.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.