Published
මහනුවර ප්රදේශයේ පාසල් සිසුන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්ව ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලික බස් රථ රියදුරා ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, පල්ලේකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර රියදුරා තෙල්දෙණිය මහේස්ත්රාත් කමල් සංජය ජයතිලක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.
මහනුවර - දිගන මාර්ගයේ බලගොල්ල හමුදා කඳවුර ඉදිරිපිටදී යතුරු පැදියක ගමන් ගත් එම සිසුන් දෙදෙනා අදාළ පුද්ගලික බස් රථයේ ගැටී ජීවිතක්ෂයට පත් වුණා.
එලෙස ජීවිතක්ෂයට පත් වුණේ මහනුවර ශාන්ත සිල්වේස්ටර් විදුහලේ 12 වසරේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙක්.




