රුපියල් 11,340,000ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා
මින් එක් අයෙකු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු අද දින අලුයම 03.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එසේම අනෙක් පුද්ගයා කොළඹ , කොටහේන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු අද දින අලුයම 03.00 ට ඩුබායි සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත නීති විරෝධී දුම්වැටි 75,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 378 ක් සගවා ගෙන තිබියදී මෙසේ අත් අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.





