Published
මුලික මානුෂීය සංකල්පවලින් ඉවත්වී මුදලට, යාන වාහනවලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවක් වූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තු අනෝන්‍ය අර්ථසාධක අරමුදල් සමුපකාර සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙම ශිෂ්‍යත්ව ප්රදානය කොළඹ වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩා මණ්ඩප ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්වුණා.