පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට දුම්වැටි අළෙවි කළ කිලිනොච්චිය නගරයේ වෙළදසැල් හිමියන් 11 දෙනෙකුට රුපියල් විසි දහස බැගින් දඩ නියම කර තිබෙනවා.

ඒ, කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

කොට්ඨාස බුද්ධි අංශ නිලධාරින් යොදවා ලබා ගත් තොරතුරු මත එලෙස සිසුන්ට දුම්වැටි අළෙවි කළ වෙලඳසැල් හිමියන් 13 දෙනෙකුට එරෙහිව කිලිනොච්චිය පොලීසිය විසින් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

කෙසේවෙතත් අධිකරණය හමුවේ පෙනි සිට ඇත්තේ ඉන් වෙළදසැල් හිමියන් 11 දෙනෙකු පමණයි.

ඒ අනුව ඉදිරිපත් නොවු වෙළදසැල් හිමියන් දෙදෙනාට මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළ බවයි කිලිනොච්චිය පොලීසිය  පැවසුවේ.