හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි පාර්ලිමේන්තුවට යැවීම සම්බන්ධයෙන් මෙතෙක් පක්ෂයක් ලෙස තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් තමන්ට සිදුකළ නොහැකි බවයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය සඳහන් කළේ.

අදාල තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.