වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසි පවසනවා.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් 04ක් ඔස්සේ එම විමර්ශන ක්‍රියාත්මකයි.
ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනමින් යම් හෝඩුවාවක් සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට හැකිවනු ඇති බවටයි පොලිසිය විශ්වාසය පළ කරන්නේ.
සැක සහිත පාර්ශ්ව කිහිපයක් සම්බන්ධයෙන් ඊට අදාල විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය පැවසුවා.
මේ අතර මෙම ඝාතනය දේශපාලන ඝාතයක් බවටයි සමගි ජන බලවේගය චෝදනා කරන්නේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත් වුණා.
එම සාකච්ඡාවෙන් අනතුරුව සමග ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක්.
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.



