කඩවත සිට නුවරඑළිය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් තුලට පෙරලී ගොස් තිබෙනවා.

ඒ, හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය, කළුගල සිංහල මහා විද්‍යාලය ආසන්නයේදියි.

එම අනතුරෙන් තුවාල ලැබූ ලොරි රථයේ ගමන් ගත් රියදුරා ඇතුලු‍ තිදෙනෙකු තුවාල ලබා කිතුල්ගල, තැලිගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ එම ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන්  අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිටිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි