ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්‍ෂක විධිවිධාන සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ සමාලෝචන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්ත මහතා පැවසුවේ ගුවන්තොටුපොළේ ඉහළම ආරක්‍ෂණ සහ ආරක්‍ෂක ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩ සම්බන්ධීකරණයේ වැදගත් බවයි.
තවද, මෙම සාකච්ඡාවේදි නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම, ආයතන අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සහ සිදුවිය හැකි තර්ජන සඳහා දැනට පවතින ප්‍රතිචාර යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා.
සියලු ආයතනවල සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, ගුවන්තොටුපොළේ ආරක්‍ෂක කළමනාකරණය වඩාත් කාර්යක්‍ෂම හා ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ පවත්වාගෙන යාම සඳහා විශේෂිත ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමටයි මෙම හමුවේදී ඒකමතිකව එකඟතාවයද පළ වී ඇත්තේ.




