Published
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද සංවාද ඇති වුණා.
මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සභා නායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම ප්‍රශ්න කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා ද මෙහිදී අදහස් පළ කළා.
මේ අතර විදුලි බිල සංශෝධනය කිරීම සඳහා කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා.




