විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වුණා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එම සමාරම්භක වැඩසටහන පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

තෛනිකායික මහ සංඝරත්නය ඇතුලු ආගමික නායකයින්, කලාකරුවන්, ක්‍රීඩකයින් සහ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් ඇතුලු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටිනවා. වර්තමානයේ රට මුහුණ දී සිටින අවදානම් සහගත තත්ත්වය කෙරෙහි බලපාන මූලිකම සාධකය වශයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර හා විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගෙන තිබෙනවා.

මෙම විෂ මත්ද්‍රව්‍ය උවඳුරේ ගැඹුර සහ ව්‍යාප්තිය සලකා බලමින් ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන අතරතුර එය මුලිනුපුටා දැමීම සඳහා මහජන සහභාගීත්වය සහිත පුළුල් වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන ක්‍රියාත්මක වනවා.

ඒ වෙනුවෙන් නිර්මාණය වූ තේමා ගීතයක් ද මෙම වැඩසටනේදී එළිදැක්වුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ පොදු සමාජයේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව වෙනුවෙන් විෂ මත්ද්‍රව්‍ය ජාලය පරාජයට පත් කළ යුතු බවයි.

මෑතකදී සිදු වූ වෙඩි තැබීම් සියල්ල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පාර්ශ්ව අතර ඇති වූ ගැටුම්වල ප්‍රතිඵල බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

එහිදී ජනාධිපතිවරයා සිය කතාව අවසන් කළේ මෙලෙසයි.