Published
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා.
දිවයිනට නැගෙනහිර දෙසින් පවතින පහළ වායු ගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට, ශ්‍රී ලංකාවට ආසන්නව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම පද්ධතියේ බලපෑමෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට උදෑසන 08.30 දක්වා වලංගු වන පරිදි නිකුත් කළ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.



