Published
බොරැල්ල සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය මීට නොබෝ වේලාවකට පෙර තහවුරු කළා. මෙම වෙඩි තැබීම සිදු වුණේ ඊයේ රාත්‍රී 08.40ට පමණයි. ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. ඔවුන් පස්දෙනාම දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරීමටයි පියවර ගෙන තිබුණේ. ඒ අතර සිටි එක් අයෙකු අද අලුයම මියගිය බව පොලීසිය සඳහන් කළා. 23 හැවිරිදි වියේ පසුවන ඔහු කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සෙසු පුද්ගලයින් හතර දෙනා තවදුරටත් ප්‍රතිකාර ලබනවා.