මත්ද්‍රව්‍ය ව්‍යසනය යනු දිගින් දිගටම ක්‍රියාත්මක ආපදාවක් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. එම ව්‍යසනය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සදහා ජනතාවගේ සහයෝගය ඉදිරියටත් අපේක්‍ෂා කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස්පතිවරයා පැවසුවේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට ඉදිරියේදී මුදල් ත්‍යාග ලබාදීමටද කටයුතු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.