වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට පෙරවරු 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය ප්‍රකාශකයන් සඳහා
විවෘත කිරීමට නියමිතයි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමුඛ අවශ්‍යතාව ලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සැලකෙනවා.
මේ දක්වා එම ප්‍රකාශ ඉදිරිපත් කෙරුණේ, මුද්‍රිත ආකෘතියක් අතින් සම්පූර්ණ කිරීම මගින්.
සාවද්‍ය ආකාරයකට වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම මෙන්ම අසාමාන්‍ය වත්කම් රැස් කිරීමේ තත්ත්වයන් හඳුනාගැනීම සඳහා “සත්‍යායන” පහසුකම් සලසමින් ද මෙම පද්ධතිය නිර්මාණය කර ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කළේ.



