Published
මහව පොලිස් වසමේ 2025.11.24 වන දින රාත්‍රී කාලයේ වෙළඳ සැල් 04 ක් බිඳ දේපල සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මහව පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සැකකරු විසින් මෙම වෙළඳ සැල් බිඳ දේපල සොරා ගන්නා ලද ආකාරය දැක්වෙන සීසිටීවී දර්ශන නිරීක්ෂණය කර එම දර්ශන වලින් ලබා ගන්නා ලද සැකකරුගේ ඡායාරූපයක් ඔබ මාධ්‍ය වෙත යොමු කරන අතර එහි සිටින සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයන්ට දැනුවත් කල හැකිය.
කොට්ඨාස අපරාධ විමර්ශන අංශය නිකවැරටිය - 037-2260008
ස්ථානාධිපති කොට්ඨාස අපරාධ විමර්ශන අංශය - 071-8596411



