වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී බවයි පොලිස් මුල ස්ථානය පැවසුවේ

අද උදෑසන කැකිරාවේ ප්‍රදේශයේදී ඊට අදාළ සැකකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පැනගිය සැකකරු බවයි පොලිසිය පැවසුවේ

පොලිසියේ අද උදෑසන සැකකරු පිළිබඳ තොරතුරු ඇත්නම් ලබා දෙන ලෙස මහජනතාවගෙන් සහය ඉල්ලා සිටියා