Published
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් 18 වන වරටත් සංවිධානය කළ “මහනුවර පොත් දැක්ම – 2025” ප්‍රදර්ශනය අදින් අවසන් වනවා.
කැන්ඩි සිටි සෙන්ටර්හීදී දින 07ක් පුරාවට පැවති මෙම පොත් දැක්ම අලෙවි කුටි 150කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වුණා.
මෙරට පැවැත්වෙන දෙවන විශාලතම පොත් ප්‍රදර්ශනය වන “මහනුවර පොත් දැක්ම – 2025” නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝව සහ ෆොක්ස් එෆ් එම් රේඩියෝවයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උප සභාපති කපිල එස් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මහනුවර පොත් දැක්ම අද රාත්‍රී 07 යි 30 දක්වා පැවැත්වෙන බවයි.