Published
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි යැවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
ඒ, අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ යටතේ විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය ප්‍රකාරවයි.
අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කරගත නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදි අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.




