සිරකරුවන් 61ක් දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා.

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් එම සිරකරුවන්ට එලෙස සමාව හිමිව ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ජනාධිපතිවරයාහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට මෙලෙස ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා.

එලෙස ජනාධිපති සමාව හිමි වූ සිරකරුවන් 61ක් දෙනාගෙන් 33 දෙනෙකු අද දිනයේ බන්ධනාගාරවලින් නිදහස් කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.