Published
සියලු රාජ්‍ය සේවකයින් තම රාජකාරිය අවංකව සිදුකළ යුතු බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
රාජ්‍යය අංශයේ ඕනෑම තරාතිරමක සේවය කරන නිලධාරියෙකුට එරෙහිව දූෂණ චෝදනාවක් එල්ල වේ නම් ඒ පිළිබඳ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙම අදහස් පළ කළා.




