පැවති ආපදා තත්ත්වය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා.

ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.

එසේ නොකළහොත් ආණ්ඩුවේ ඉදිරි ගමනද අවිනිශ්චිත බවයි මන්ත්‍රිවරයා පැවසුවේ.

මේ, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා.

බුද්ධිමතුන්ගෙන් පාර්ලිමේන්තුව පිරිවේවාද? මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර.

ජනතාවට සහන සැලසීම පිළිබද විපක්‍ෂය නගන චෝදනාවලට නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මෙලෙස අදහස් පළ කළා.