නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවලු කිලෝ ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති බවත් එම ඉල්ලුම අනුව අද(11) එම එළවලු තොග කොළඹට ප්‍රවාහනය කල බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමනාකාරවරයා පවසනවා.

මේ අනුව ගෝවා කිලෝවක් -රු.140, කැරට් -රු. 210, ලීක්ස් -රු.210, රාබු -රු.160, බීට්රුට් -රු. 260, බීට්රූට්/කට් -රු.330, අර්තාපල් -රු.270, රතු අර්තාපල් -රු. 290, නෝකොල් -රු.260 ඇතුලු චීන ආහර සදහා භාවිතා කරනු ලබන එළවලු වර්ග කිලෝ 73000ක් යොමු කල බවත්, (10) දිනයේදි එළවලු කිලෝ ලක්ෂයක් ප්‍රවාහනය කල බවත්, (11) දිනයේත් එවැනිම එළවලු තොගයක් ලැබී ඇති බවයි.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවලු තොග වෙළෙන්දුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එළවලු මිලදී ගන්නා බවත්, මෙ දිනවල වෙළදපොලේ එලවලු සදහා පවතින ඉල්ලුම අඩු බවයි නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා වැඩි දුරටත් සදහාන් කර සිටියේ.