අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හදිසි ගංවතුර තත්ත්වයෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහල ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කඳවුරක සිටි ගැහැණු ළමයින් 25 දෙනෙකුද එම ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදහන් වී තිබෙනවා.
අතුරුදන් වුවන් සොයා හෙලිකොප්ටර් යානා 14ක්, ඩ්‍රෝන යානා 12ක්, ගලවා ගැනීමේ බෝට්ටු සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සමග පුද්ගලයින් 500කට වැඩි පිරිසක් ද යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ සම්බන්ධයෙන් ඕනෑම ආධාරයක් ලබා දීමට ඇමරිකානු ජනධිපති ඩොනල් ට්‍රම්ප් විසින් පොරොන්දු වී වූ බව ටෙක්සාස් ආණ්ඩුකාරවරයා පවසනවා.
ගංවතුර තත්ත්වය හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ විදුලි බලයද ඇනහිට ඇති අතර මේ හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා මතුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
හදිසි ගංවතුර හේතුවෙන් කඳුකර රට සහ කොන්චෝ නිම්න ප්‍රදේශ සඳහා ද ආපදා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.