ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී අතර දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්‍රේනයේ සාම ක්‍රියාවලියක් සඳහා වන යෝජනා සහ අමෙරිකානු - රුසියානු නායකයින් අතර ඇලස්කාවේ පැවැති සමුළුව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි. ඊට අමතරව කලාපීය ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික සබඳතාවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද ඔවුන්ගේ අවධානය යොමුව තිබේ. මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවති ඇලස්කාවේ පැවැති සමුළුව ඉන්දියාව සාදරයෙන් පිළිගත් අතර සාමය ඉදිරියට ගෙන යාමට ඔවුන්ගේ කැපවීම ප්‍රශංසනීය පියවරක් ලෙස හඳුන්වා තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් පැවසුවේ සාමය හඹා යාම සඳහා ඔවුන්ගේ නායකත්වය ඉතා ප්‍රශංසනීය බවයි. සමුළුවේ ප්‍රගතිය ඉන්දියාව අගය කරන බවත්, ඉදිරි ගමන විය හැක්කේ සංවාදයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් පමණක් බවත්, ලෝකයට අවශ්‍ය වන්නේ යුක්‍රේන යුද්ධය ඉක්මනින් නිමා වීම බවත් ජයිශ්වාල් පැවසුවේය.
Published