රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ බීජිං නුවරට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ, දෙදින නිල සංචාරයක් සඳහායි.

සිය සංචාරයේදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව බීජිං නුවර ආරක්ෂාව ද දැඩි කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා රුසියාවේ  සංචාරයක නිරත වුණා.

ඔහුගේ එම සංචාරය අවසන් වී සතියක් යාමට මත්තෙන් පුටීන් මෙලෙස චීනයේ සංචාරයක නිරත වන බවයි  විදෙස් මාධ්‍ය වාර්තා  වැඩ්දුරටත් වාර්තා කළේ.