ඉන්දියාවේ පවතින එල්නිනෝ තත්ත්වය හේතුවෙන් එරටින් ආනයනය කරන වියළි මිරිස්වල තෙතමනය ඉහළ යාමත් සමග ආනයනය කළ වියළි මිරිස් තොග වරායේ ගොඩගැසී ඇති බැවින් ඒවා නිදහස් කිරීමේ දී යම් ප්‍රමාදයක් පවතින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
කෙසේ වෙතත් වෙළඳපොළේ වියළි මිරිස් හිඟයක් නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
''මිරිස් පිළිබඳ මේ මතුවෙලා තියෙන ගැටලුව දැනටත් ඉතිහාසයේ පළවෙනි වතාවට විශේෂයෙන් එල්නිනෝ තත්ත්වයත් අධික වැසි තත්ත්වයත් නිසා ඉන්දියාවේ තත්ත්වය මතුවෙලා තියෙනවා කියන කාරණය තමයි ආනයනකරුවන්ගේ අදහස. ඒ නිසා මේ තෙතමනය වැඩිවීම, විශේෂයෙන් මොයිස්චර් ලෙවල් එක 12ට අඩුවෙන් තමයි ලංකාවේ මේ ආහාර නිදහස් කිරීම සිදු කරන්නේ එස්.එල්.අයි.එස්. (SLIS) සහ ෆුඩ් නිර්ණායක වලට අනුව. ඒ නිසා ඊට වැඩි වෙන අවස්ථාවක මේ නිදහස් කර ගැනීම සඳහා පවතින තත්ත්වය තමයි මේ ගැටලුව බවට පත්වෙලා තියෙන්නේ කන්ටේනර් හිර වෙලා තියෙන්නේ. එහෙම නැතුව මිරිස් වල හිඟයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ තත්ත්වය තුළ ඒ නිසා අපි යම් ප්‍රමාණයක ලබන මාර්තු මාසය දක්වා යම් අතරමැද එකඟතාවයකට එහෙම නැත්නම් ඇරේන්ජ්මන්ට් එකක් අපිට උවමනා වෙනවා ලංකාවට එන මේ මිරිස් වල මේ තෙතමනය කොහොමද පාලනය කරන්නේ එහෙම නැත්නම් ඒ තෙතමනය 12ට අඩුවෙන් පාරිභෝගිකයාට ලබා දීම සඳහා වෙච්ච වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡාවකට යන්න.''
උත්සව සමය තුළ මෙරටට අවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
''එල්නිනෝ තත්ත්වයේ බලපෑම නිසා සමහර ආනයන භාණ්ඩ වල මිල ඉහළ යාමක් වාර්තා වෙන බව ඉන්දියාවේ ඔවුන් විසින් අපිට පැවසුවා. ඒ නිසා වෙනත් වෙළෙඳපොළවල් ඔවුන් සොයන බවත්, අඩු වැඩි වශයෙන් භාණ්ඩ උත්සව සමයේ ලබා දීමටත් ඔවුන්ගේ පැත්තෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා කියන කාරණය අප සමඟ එකඟතාවයකට පැමිණියා. විශේෂයෙන් මේ වියළි මිරිස් වගේ හිඟතාවයක් ඇති වෙන භාණ්ඩ වලට, වෙළෙඳපොළේ තියෙන හිඟය පාවිච්චි කරලා මිල ඉහළ දාන්න කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශය හැටියට ගත හැකි තීන්දු ගන්නවා කියන කාරණයත් අපි ඔවුන්ට දැනුම් දුන්නා. මොකද අපිට පාලන මිලවල් වලට යන්න ඕනේ නැහැ, වෙළෙඳපොළේ ඉල්ලුම සැපයුම මත මිල තීරණය වෙන එක හොඳයි. අපි පාරිභෝගික සේවා අධිකාරිය පාවිච්චි කරලා, විශේෂයෙන් පාරිභෝගික සේවා කවුන්සිලය හරහා මේ සඳහා පාලන මිලක් තීරණය කරන්න කටයුතු කරනවා කියන කාරණයත් අපි ඔවුන්ට දැනුම් දුන්නා.''




