Published
ඉකුත් අප්‍රේල් මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ ස්ථානීය දඩමුදල් ගෙවීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට රටපුරා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය පවසනවා.
එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම මස අග වන විට බස්නාහිර සහ දකුණු පළාත්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරන බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා කියා සිටියේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගෙවීම් ක්‍රමද මේ වන විට වැඩිදියුණු වී ඇති බවයි.