Published
මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන්ට එම බන්ධනාගාර තුළදී දරුණු ලෙස කායික වද හිංසාවන්ට ලක්වන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ ඒ සම්බන්ධයෙන් තමන් වෙත තොරතුරු ලැබෙමින් පවතින බවයි .
ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ සිට මාරුකර යැවූ සියලුම රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.




