සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ප්‍රකාශයට පත් කළ 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස ලබා දීමට නියමිතව තිබූ සේවක වැටුපෙන් මූලික වැටුප් 05 ක ප්‍රමාණය ලබා දෙන බල කරමින් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති , අද දින උදෑසන ගුවන් තොටුපොළ බුදු මැදුර පරිශ්‍රයේ දී උද්ඝෝෂණයක් පැවැත්වෙනවා

මෙම උද්ඝෝෂණයට ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය , පොදු ජන සේවක සංගමය , ප්‍රගතිශීලි සේවක සංගමය , ජාතික සේවක සංගමය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් සේවක සේවිකාවත් 500 ක පමණ පිරිසක් පැමිණ සහභාගී වී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

එහිදී පැමිණ සිටි විරෝධතාකරුවන් ඇමතූ ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් මහතා සඳහන් කර සිටියේ 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස මූලික වැටුප මෙන් දෙගුණයක මුදලක් ලබා දී ඇතත් , ගුවන් තොටුපොළ සමාගමේ වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් බිලියන 21 ක් පමණ වන බවයි

ඒ අනුව මෙම ඉල්ලීම් රජයේ අවධානය යොමු කර , අවම වශයෙන් තවත් මූලික වැටුප් දෙකක මුදලක් සදහා කැබිනට් අනුමැතිය ලබා දීමට පියවර ගන්නා ලෙසත් , එසේ නොවුන්හොත් ඉදිරියේ දී තම අයිතිවාසිකම් දිනා ගැනීම සදහා ගුවන් තොටුපොළ අකර්මණ්‍ය කරන ක්‍රම 16 ක් ඇති බවත් , තමන් ඒ සදහා යොමු වීමට ඉඩ ප්‍රස්තා ඇති බවත් මුහන්දිරම් මහතා වැඩිදුරටත් පවසා සිටියේ.