Published
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ සිසුන් 21 දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ සිසුන් දෙපිරිසක් අතර එම ගැටුම හටගෙන ඇත්තේ ක්‍රිකට් තරඟයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් මුල්කර ගනිමින් බවයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ තෙවන වසරේ සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර එම ගැටුම හටගෙන තිබූ අතර එහිදී සිසුන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.