තායිලන්තයේ ප්‍රමුඛතම දේශපාලන චරිතයක් වන තක්ෂින් ෂිනවත්රාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසරක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ මීට පෙර ඔහුට පැනවූ වසරක සිර දඬුවමක දී පොලිස් රෝහලක මාස හයක රඳවා තබා ගැනීම පෙර දඬුවමකට ගණන් නොගන්නා බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන්. 2001-2006 කාලය තුළ අගමැති ධුරය දැරූ කාලයට අදාළව අල්ලස් හා බලය අයුතු ලෙස භාවිතා කිරීම යන චෝදනා මත තක්සින්ට 2008 දී වසර අටක සිර දඬුවමක් නියම කර තිබුනා පසුව 2008 වසරේ දී ඔහු එරටින් පළාගිය අතර එහිදී එරට හමුදා නායකයින් බලය අල්ලා ගනු ලැබුවා. ඉන්පසුව ඔහු නොමැතිව ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවති අතර එහි තීන්දුව අනුව ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම විය. කෙසේ නමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබූ අතර පසුව 2023 වසරේදී ඔහු නැවත සිය රටට පැමිණි අතර එහිදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට වසර 8ක සිර දඬුවමක් නියම කළේය. නමුත් තායිලන්ත රජු විසින් එය වසරක් දක්වා අඩු කිරිමට පියවර ගෙන තිබුනා පසුව 76 හැවිරිදි තක්සින්ගේ සෞඛ්‍ය හේතූන් මත පොලිස් රෝහලක මාස හයක කාලයක් රැඳී සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසවු 2024 වසරේ දී ඔහු නැවතත් නිදහස ලබා බැංකොක්හි පිහිටි සිය මන්දිරය වෙත පැමිණ තිබු අතර එහිදී ඔහුට එරෙහිව නැවතත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර පොලිස් රෝහලක මාස හයක රඳවා තබා ගැනීම පෙර දඬුවමකට ගණන් නොගන්නා බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර මින් ඔහුට මෙම දඬුවම නියම කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තක්සින්ගේ නීතිඥවරයා අවධාරනය කර ඇත්තේ හිටපු නායකයා රෝහල් ගතව සිටියදී අසනීපව සිටි බවත්, "ඔහු ඔහුගේ දඬුවම සම්පූර්ණයෙන්ම ගෙවා ඇති" බවයි. තීන්දුවට පෙර, ශ්‍රේෂ්ඨාධිකරණය තක්සින්ගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කළ අතර, ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු සාක්ෂිකරුවන් 20 දෙනෙකු කැඳවීය. පසුව ව්‍යාජ වෛද්‍ය තොරතුරු අඩංගු ලියකියවිලි නිකුත් කිරීම සම්බන්ධයෙන් තායිලන්ත වෛද්‍ය සභාව වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තක්සින් රෝහල් ප්‍රතිකාර සඳහා යොමු කිරීමේදී වෛද්‍ය ප්රමිතීන් සපුරාලීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට අවවාද කර තිබෙනවා. මේ සම්බන්දයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ වසරක සිර දඬුවම පිළිබඳ අධිකරණ තීන්දුව පිළිගන්නා බවත් ඔහු ශාරීරිකව සහ මානසිකව ශක්තිමත්ව සිටින බවයි. "අද සිට, මම නිදහස් නොවුනත්, ජාතියේ සහ ජනතාවගේ යහපත සඳහා මට තවමත් සිතීමේ නිදහස තිබෙනවා," මෙම තීන්දුව දශක දෙකක් පුරා දේශපාලනය ආධිපත්‍යය දැරූ බලවත් පවුලකට තවත් විශාල පහරක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Published