පුදුකුඩිඉරිප්පු, තිම්පිලි ප්‍රදේශයේ නිවසක අයිස් මතද්‍රව්‍ය හා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි තරුණ අඹු සැමි යුවළක් හා තවත් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 80ක් හා මත්පෙති තොගයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අඹු සැමි යුවල 21 හා 18 යන වයස්වල පසුවන බවත් අනෙක් තරුණයා 20 හැවිරිදි වියේ පසුවන බවත් පොලිසිය පැවසුවා.

සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.