රුපියල් හය කෝටි හතලිස් ලක්ෂ දස දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දුනීසියානු ජාතික සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙක්.
ඒ අතර කාන්තාවක්ද වනවා.
ඔවුන් මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය , තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඒවා ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත රැගෙන විත් , එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් රැගෙන ආ ගමන් මලු දෙකක තිබී පැකැට් 05 ක් ලෙස සකස් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 401 ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
මේ අතර රුපියල් තුන් කෝටි හතලිස් හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා , චීනයේ නිෂ්පාදිත , දැවැන්ත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යමින් සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා ව්‍යාපාරිකයෙකු වන බවත් ඔහු තුන්වන වරට මෙලෙස දිවයිනට පැමිණ ඇති බවත් රේගු නිලධාරීන් පැවසුවා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 13 ක් තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි වර්ග 08 කට අයත් , දුම්වැටි දෙලක්ෂ 29,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 1,149 ක් සොයාගෙන තිබෙනවා.




