Published
ඉදිකිරීම් ආරම්භ කර අතරමග නතර කළ සහ ඉදිකිරීම් අවසන් කර අතහැර දැමූ රජයේ ගොඩනැගිලි 1,800ක් පමණ තිබෙන බවට නවතම වාර්තාවක් මගින් හෙලි කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එම ඉදිකිරීම් ආරම්භ කළේ රටේ අවශ්‍යතාව මත නොව, පළාත් ඇමතිවරයාගේ අවශ්‍යතාව හෝ හිතවතුන්ට කොන්ත්‍රාත් ලබාදීම වෙනුවෙන් බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.
ආර්ථිකය බිඳ වැටීමේ ප්‍රතිවිපාක තවමත් අත්විඳිමින් සිටින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.




