Published
2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (24 ) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු වන අදියර ලබන සඳුදා (27) දින ආරම්භ වනවා.
මේ අතර මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ලබන 31 වනදා අවසන් වන බවත් එම පාසල්වල තෙවන වාරයේ පළමු වන අදියර අගෝස්තු 3 වනදා ආරම්භ වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.


